Thursday, February 6, 2014

Ammai Appachchi



අපි හැමෝම ආසයි අහස අල්ලන්න
අපි අහසෙ කොච්චර දුර ගියත්....
කොයිතරම් විනෝද වුනත්...
කවදාහරි දවසක පය තියන්න වෙන්නෙ පොළොවෙ.
මිනිස්සුන්ට අහසට නැග්ගහම ගොඩක් දෙවල් හම්බෙනව
ඕන එපා කරන හැම දෙයක්ම
ඒත් එයාලට.........................
ඔය තරම් දුර යන්න පාර පෙන්නපු මහපොළොව අමතකනම්....
ඔව් ඒක තමයි මිනිස්සුන්ගෙ හැටි
ඒත් කවදහරි දවසක ආපහු එන්න උනොත්
කවදාවත් ඒක පොළොවට බරක් නෙවෙ‍යි.
මොකද මේ මහපොළොව කවදාවත් අපිට පිටුපාන්නෙ නෑ

Sunday, January 6, 2013

My Teacher


සිප් කිරි පොවා මා මිනිහෙක් කළ
මාගේ ආදර අම්මේ, තාත්තේ.........
දඩබ්බර කමට වේවැල් පාරක් ගැහුවට
මට නොතේරුණා නොවෙයි...........
නුබේ හිත මට වඩා රිදුණ කියල..............
මට නොදැනුණා නොවෙයි ඔය ඇස් වලට කඳුලු ඉණුව කියල
සත්තයි මගෙ අම්මේ, තාත්තෙ ඔබ එහෙම නොකළනම්......
මම අද මෙතන නොසිටින්න තිබුණා
සදා ණය ගැතියි මා නුඹට........
දොහොත් මුඳුන් දී වඳින්නම් දස දහස් වාරයක්
සමාවෙන්න මට වුණානම් වචනයකින් හෝ වැරැද්දක්

Friday, June 15, 2012

Memories

එදා වගේම මහවැලිය අදත් නිසලයි...................
හරියට දරුවන්ගෙ දුක් තනියම උහුලගන්න අපෙ අම්මා වගේ
හන්තානෙන් හමන සුළං වලින් දැනෙන්නෙ එදා දැනුන සුවදමයි
ඒත් අක්බාර් පාලම උඩ අද පුදුම කාලකන්නි කමක් දැනෙන්නෙ
පෙනෙන තෙක් මානයක කොල්ලෙක් තියා බල්ලෙක් වත් නෑ
මතකයි මේක උඩ රෑ එළිවෙනකන් සින්දු කිවුවා.................
පාලම පැද්දෙනව බලන්න කට්ටියත් එක්ක උඩ පැන්නා.........
මුළු බැච් එකම එකතු වෙලා මෙතන ඉදන් පාටි දැම්මා...........
ඒත් අද ඒ කවුරුත්ම නෑ, හැමෝම යන්න ගිහින්
ඒ අතීතෙ අදටත් මට මැවිල පේනවා..............
මන් දන්නව උබලත් ඒ අතීතෙත් එක්ක ජීවත් වෙනවා කියල
මේ හන්තාන අහස යට නොසිටියට
අපේ ජීවිත හැමදාම ඒ මතකයන් එක්ක වෙලී තියේවි..............



Wednesday, June 13, 2012

Good Bye




 මිනිස්සුන්ගෙ බැඳිම් කියන ඒව හරිම පුදුමාකාරයි
වෙලාවකට හිතෙනව බැඳිම් තමයි අපිව ජීවත් කරවන්නෙ කියල
අපි හැමෝම ආසයි අලුත් බැඳිම් ඇතිකරගන්න..............
ඒක මිනිස්සු වෙච්ච අපි හැමෝගෙම හැටි වෙන්නැති
වෙලාවකට අපි හිනාවෙනව, අඬනව, සින්දු කියනව, නටනව
තවත් වෙලාවක මූණ එල්ලගෙන බලගත්තු අතේ බලාඉන්නව
දුක සතුට මේ හැම දෙයක්ම අපි අත්විදින්නෙ මේ බැඳිම් හින්ද
කවද හරි දවසක මේ බැඳිම් වලින් ඈත්වෙලා යන්න උනාම
අපෙ හිත් හඬාවැළපෙනව, මොකක්දෝ බරක් උස්සගෙන වගේ
ඒත් යන්නම වෙනවනම් උඹල අපි හැමෝම දාල................
ඉවසගන්නම වෙනව හදවත පුච්චගෙන එන සුසුම් පොද
උඹලත් එක්ක මෙතුවක් පුරා තිබුන බැඳිම් වලින් ඈත් නොවි ඈත් වෙන්න
කියාගන්නම් හදවතට නොදුරු දිනයක හමුවෙන්නම් ආයෙමත්........
ප්‍රාර්ථනා කරනව ඒ පැතුම සැබෑවක් වේවා කියල
උඹල හැමෝටම ජයෙන් ජය.....................
අපි හමුවුනු මේ හන්තාන තව දහස් ගනන් දෙනා මේ වගේ මුණගස්සාවි
අපේ අඩුව පුරවන්න තව අලුත් එවුන් ටිකක් මේකට ඒවි......
එහෙනම් උඹල හැමෝටම කිව්වා, ගිහින් එන්නම්, ආයෙත් දවසක හමුවෙමු.....

Thursday, May 17, 2012

Last Lecture

අද අපේ අන්තිම එකලු
මම අහගෙන උන්නා එකෙක් එහෙම කියනව....
හන්තානෙන් හමාපු සුළඟට ගහගෙන ඇවිත්
අපි හැමෝම හමුවුනා එකට, එකම තැනක.......
ඒ අතීතෙ සිහිකරනකොට මට ලෝබයි
මම තුන් හතර පාරක් මගෙන්ම අහගත්ත........
ඇත්තටම අද අපි යන්නෙ අපේ අන්තිම එකටද?

Wednesday, May 16, 2012

කාලයයි සමුදෙන්න

විහඟුන් නාද දෙන මේ සොඳුරු වස්සානය........
රොබරෝසියා මල් වැටෙන ප්‍රේමයේ හැන්දෑව.
හන්තාන ඉකිබිදින විරහවේ විලාපය........
කාලයයි සමුදෙන්න නුඹේ ඔය සෙනෙහසට.

Friday, March 9, 2012

මේ සුසුම් වලට පුලුවන්නම්
          කථා කරන්න..................
ගව් ගානක් උනත් පහු කරන්
          හොයාගෙන ඒවි..........
ඇවිත් කියාවි මේ හදවතේ කොයි තරම්
          ආදරේ පිරිලද කියල
හන්තාන සිපගෙන හමා එන සීතල
          නැවුම් සුළගට........
දැනෙනව ඇති ඒ සුසුම් වල කොයි තරම්
          හැගිම් පිරිලද කියල.....
කවුලු අද්දර හිද නිසල ගොන්මන්
          නුබ දිහා.............
බලාඉන්නම් නෙතු අයා දකින තුරු
          නුඹේ රුව සිහිනයක්ව..................................